Reading Time: 1 minute

React  ගැන පොඩි introduction එකක් ……

ආයුබෝවන් කියල පිලිගන්නව යාළුවො හැමෝම .අද මන් බ්ලොග් එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ web developers ල අතර ගොඩක්ම famous ,ReactJs කියන frontend developing library එක ගැන .

අද මන් React ගැන පොඩි introduction එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ .

React technology එක මුලින්ම build කරේ facebook සමාගමේ software engineer කෙනෙක් වෙන
Jordan Walke . 2011 තමා facebook newsfeed එකට React මුලින්ම deploy කරේ.

හරි .අපි මුලින්ම බලමු React කියන්නේ මොකද්ද ,ඇයි අපි React use කරන්න ඕනේ ,මොනවද අපිට වෙනත් frontend framework වලට වඩා React use කරාම තියෙන වාසි කියල .(හැබැයි React කියන්නේ framework එකක් නම් නෙමේ.)

React කියන්නේ user interfaces හදන්න තියෙන open source javascript library එකක්.ගොඩක්ම use කරන්නේ single page applications හදන්න . framework එකක් නොවන හින්ද අපිට React වලින් full web application එකක් build කරන්න නම් බෑ .හැබැයි user interfaces ටික නම් සුපිරියටම හදාගන්න පුළුවන් .

React වල තියෙන ලොකුම වාසිය තමා අපිට high quality user interfaces හදන්න පුළුවන්. MVC architecture එකට build කරපු laravel වගේ framework එකක view එකෙන් කරන වැඩේ තමා React වලින් කරන්නේ. ඒවගේම තමා React වලින් interface build කරනකොට අපිට page reload කරන්නැතුව data change කරන්න පුළුවන්.

තව දෙයක් කියන්නම් Angular වගේ framework එකක් එක්ක අපිට පහසුවෙන්ම combine කරල React use කරන්න පුළුවන්.ඉතින් React ඉගනගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට .

Categories: web development

Heshan Amila

Undergraduate Student of University of Colombo School of Computing

1 Comment

Danushka Herath · May 5, 2019 at 9:29 pm

well done mchn 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *